ජවිපෙ නායකයින්ගේ වත්කම් ප්‍රසිද්ධවීමත් එක්ක සමස්ථ ජවිපෙ අභ්‍යන්තර ගිනි අරන්.හත් දෙයියනේ.....අපේ දෙයිපනහෙන් නඩත්තු කරලා තියෙන්නේ කෝටිපතියෝ ටිකක්ද කියන ප්‍රශ්නය ජවිපෙ සහෝදරවරුන්ගේ හිතට වධ දෙන්න පටන් අරන්.ජවිපෙ සංවිධාන යාන්ත්‍රණය ඇතුලේ තිබුණ විශ්වාසනීයභාවය සම්පූර්ණයෙන්ම කඩා වැටිලා. ලොක්කෝ එකිනෙකාට හොරෙන් රහසේම ගේමක් ගහගෙන කියලා පහල බලවේග අතර සංවාදයක් හැදිලා.
මේ අර්බුදය විසඳාගන්න ජවිපෙ අභයන්තර වශයෙන් ලොකු උත්සාහයක් දරමින් ඉන්නවා. විවිධ පැහැදිලි කිරීම් පහලට කරනවා.මේ තත්වය ජවිපෙ නොවෙන කෙනෙකුට ලොකුවට දැනෙන්නේ නෑ.හැබැයි මාලිමාවට ඡන්දය දුන්න අය කිසිකෙනෙක් හිතන්න නැතිව ඇති මෙයාලා මෙහෙම මජර විදිහට හම්බ කරලා ඇති කියලා. මේක තනිකරම අලි බබා සහ හොරු හතලිහ වගේ ඊට වැඩිය ලොකු හොර මුලක්.දැන් ඇත්තටම ජවිපෙ වෙනුවෙන් පෙනී ඉන්නේ මේ කෝටිපතියෝ ටිකයි එයාලගේ කුලී ලියන්නෝ ටිකයි විතරයි.
ජවිපෙ වෙනුවෙන් අවංකව පෙනී හිටිය බලවේගය දැන් අතුරුදහන්.නායකයෝ සහ ඩෝබිලා විතරක් ඉතිරිවෙලා.ජවිපෙ නායකයන්ගේ වත්කම් හෙලිවීමත් එක්ක එයාලා ඉස්සෙල්ලාම කිව්වේ අපි හොරු නොවෙන නිසා අපේ වත්කම් සහ බැරකම් අපිම කෙලින්ම ලියලා දුන්නා කියලයි.ඇත්තටම ඒක උනේ එහෙම නෙවෙයි.2023 අවුරද්දේ සම්මත කරපූ දුෂණ විරෝධී පනතට අනුව මේක කඩකින් බැරි නීතියක්.ඒ පනත නිසා මෙයාලගේ වංචාව සහ බොරුව අතටම අහුවුනා.
ඒකේ ගෞරවය යන්නත් ඕනිත් රනිල්ට.කොහොම හරි දැන් මෙයාලා ඔප්පු කරන්න ඕනි තමන් මේ මුදල් උපයාගෙන තියෙන්නේ සාධාරණ විදිහකට කියලා.ඒ වගේම ජවිපෙ නායකයන් කීපදෙනෙක් ළඟ වත්කම් විදිහට ක්‍රිප්ටෝ තියන බවත් සදහන් කරලා තිබුණා.ඒක එක්තරා මට්ටමකට නීති විරෝධී.මේවා ගැන පරීක්ෂණ කරන්න ඕනි.ඒ සම්බන්ධව ක්‍රියාත්මක වෙන්න ඕනි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දුෂණ කොමිෂම.දැනටමත් ඒ ගැන පැමිණිලි කරලා තියනවා.
හැබැයි මාලිමාවේ ශාඛා සමිති දෙකක් බවට පත්වෙලා තියන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ කොමිෂමෙන් විදිමත්ව ඒ පරීක්ෂණ කරයි කියලා හිතන්න බෑ.ඒක නිසා ඒ පරික්ෂණ අනාගත රජයක් යටතේ සිද්ධ කරන්න වෙනවා.හැබැයි මෙතනදී දේශපාලන වශයෙන් ගන්න පියවර කීපයක් තියනවා.මෙයාලාගෙන් ගොඩ දෙනෙක් මීට කලින් දිගටම මැතිවරණවලට ඉදිපත්වෙලා තියනවා. මෙයාලා මැතිවරණ කොමිසමට සහ වෙනත් ආයතනවලට වත්කම් සහ බැරකම් ප්‍රකාශ දීලා තියනවා.
උදාහරණයක් විදිහට වසන්ත සමරසිංහ ගත්තොත් එයා දිගටම මෑතිවරණවලට ඉදිරිපත් වෙලා තියනවා.ඒ හැම අවස්ථාවකම වත්කම් සහ බැරකම් ප්‍රකාශ දෙන්න ඇති.ඒ කියන්නේ වසන්ත ඔය කියන අවුරුදු 28 පුරාවට එයාගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ මෑතිවරණ කොමිෂමේ තියනවා. තොරතුරු දැන ගැනීමට පනත යටතේ මේවා ගන්න පුළුවන්.ඒවා මගින් වසන්ත නීතියෙන් වැරදිකාරයෙක් කරන්න බැරි උනත් ඒවා සන්සන්දනය කරලා එයා වත්කම් උපයාගෙන තියන විදිහ ගැන අදහසක් රටට හදන්න පුළුවන්.
එතකොට ඔය කෝටි 27.5 කොහොමද උපයාගත්තේ කියලා දැන ගන්න පුළුවන්.එයාට පවුලෙන් ආපු වත්කම් මොනවද?එයා උපයා ගත්ත වත්කම් මොනවද?නෝනාගෙන් හම්බවුනේ මොනවද කියලා බලන්න පූළුවන්.නීතිමය ක්‍රියාමාර්ග ගන්න උනත් වසන්තයේ ඒ පැරණි වත්කම් සහ බැරකම් ප්‍රකාශ වැදගත් වෙනවා. එතකොට බොහොම පැහැදිලිවම පේනවා වසන්ත දේපල සහිතව දේශපාලනයට ආපූ කෙනෙක්ද නැත්තං වසන්ත දේශපාලනයට ඇවිත් වත්කම් උපයා ගත්ත කෙනෙක්ද කියන එක තහවුරු කරගන්න පුළුවන්.
ඊළඟට ඒ වත්කම් සාධාරණව උපයපු ඒවද කියලා වත්කම් බැරකම් ප්‍රකාශ සංසන්දනය කරලා අදහසක් ගන්න පුළුවන්.ඒ වැඩේ වසන්ත ඇතුළු සියලු දෙනාටම කරන්න පුළුවන්.රනිල් කරලා ගිය වැඩේ නිසා ලේසියෙන් බේරෙන්න ජවිපෙ නායකයින්ට බෑ.දැන් ජවිපෙ නායකයන්ට ජවිපෙ ඇතුලේ නියම සත්‍යවාදීන් විදිහට තවදුරටත් පෙනී ඉන්න බෑ.ඒ සදාචාරමය බලය දැන් එයාලට නෑ. සාමාන්‍යයෙන් ජවිපෙ සාමාජිකයා කියන්නේ අයියලා කියන ඕනිම දෙයක් විශ්වාස කරන ගිරා පෝතකයෝ මල්ලිලා නංගිලා සෙට් එකක්.
දැන් ඒ අයියලාටම සීයාගේ පනතට අනුව තමන්ගේ වත්කම් ප්‍රසිද්ධ කරන්නවෙලා.මේ ප්‍රසිද්ධ කරලා තියන වත්කම්වලත් බරපතල අඩුපාඩුකම් තිබෙනවා.විශේෂයෙන්ම වාහන සහ රත්‍රන් සම්බන්ධව ඒ සැකය තියනවා.මේක ජවිපෙ සාමාජිකයා කිසිසේත්ම බලාපොරොත්තු වුන තත්වයක් නෙවෙයි.ඒක නිසා ජවිපෙ නායකයින් කරපූ කියපු බොරු ඔක්කොම නැවත රිවයින් වෙන්න පටන් ගන්නවා.
උදාහරණයක් විදිහට ටිල්වින් දිස්තික් කමිටු කැඳවන්න හරි දිස්ත්‍රික් ක්‍රියාකාරී සාකච්ඡාවකට ආවට පස්සේ අනිත් ඔක්කොටෝම තේ දෙද්දී ටිල්වින්ට විතරක් හොරෙන් කිරි එකක් හදලා දෙනවා.ඒක හේතුව තමයි ටිල්වින් එක්ක එන සඟයා ඒ ගෙදර අයට හොරෙන් කියනවා ටිල්වින් අයියා තේ බොන්නේ නෑ.ගෑස්ටික් තියනවා කිරි විතරයි බොන්නේ කියනවා.එතකොට අර ගෙදර මිනිස්සු ගෙදර පොඩි එකාට තියන කිරි ටික හරි ටිල්වින්ට හදලා දෙනවා.මේවා ඒ මිනිස්සු දුන්නේ කොච්චර ගෞරව භක්තියකින්ද?
අද මේවා දිහා පවා ඒ මිනිස්සු බලන්නේ වපර ඇහෙන්.ටිල්වින් ඇවිත් පොඩි එකාගේ කිරි ටිකටත් කෙලලා ගියා කියලා පහල සමාජිකයේ දැන් කියනවා.ඇත්තටම ජවිපෙ ඇතූලේ සෝමවංශගෙන් පස්සේ ආදර්ශ නැතිවුනා.අද ජවිපෙ ඉන්න නායකයෝ ජවිපෙ හිටපු නායකයන් එක්ක සන්සන්දනය කරද්දී මේවා ඔක්කොම දේශපාලන පරඬැල් බව තේරුම් ගන්න පුළුවන්. විජේවීර එක්ක.ගමනායක එක්ක.ශාන්ත බණ්ඩාර එක්ක.
සමන් පියසිරි එක්ක.නිශ්මි,බාලේ,ත්‍රිමා එක්ක. සෝමවංශ එක්ක මෙයලා සන්සන්දනය කලොත් ඇඩෙනවා.ජවිපෙ නැතිව වෙනත් පක්ෂවල හිටපු නායකයෝ එක්ක සන්සන්දනය කරන්න පුළුවන්ද?ඩීඑස්,ඩඩ්ලි,බණ්ඩාරනායක.සිරිමාවෝ,එන්එම්, කොල්වින්......ඔය කාත් එක්ක සන්සන්දනය කලත් මේවා දේශපාලන පරඬැල්ම තමයි.මෑතකාලින ආදර්ශමත් දේශපාලනඥයන් උන ලක්මන් කදිරගාමර්,මංගල සමරවීර,කරූ ජයසූරිය වගේ අයත් එක්ක සන්සන්දනය කලත් එන්නේ අර උත්තරයම තමයි.
ජවිපෙ ආධ්‍යාත්මික නායකයා විදිහට ඉන්නේ ටිල්වින්.රටේ රාළ නං ටිල්වින් සමාන කරන්නේ පාතාල මැරයෙකුට.පහුගිය දවස්වල යක්කල පෙටුගාමී කාර්යාලයට පැනලා ටිල්වින්ගේ පාතාලය ක්‍රියාත්මක උන හැටි ඔයාලා දකින්න ඇති. ටිල්වින්ගේ පාතාලයෙන් බැටකාපු කෙනෙක් විදිහට ටිල්වින් පාතාල නායකයෙක් විදිහට හැදින්නුවේ නැත්තං ඒක රටේ රාළ කරන ලොකු දේශපාලන වැරද්දක්.ඇත්තටම ජවිපෙ කියන වැදගත් දේශපාලන පක්ෂය එක්තරා තැනකදී දේශපාලන මංකොල්ලකරුවන් කණ්ඩායමක් අතට පත්වුනා.
ඊට වැඩිය වෙනස් විග්‍රහයක් ජවිපෙ ගැන හෝ ජවිපෙ නායකයන් ගැන රටේ රාළට නෑ.
Lanka Newsweek © 2026